Posts

Showing posts from October, 2022

මා ගැන

දූවරුන් හතර දෙනයි. එක පුතයි. ඔවුන් කුඩා කාලයේවත් තරුණ වයසේවත් දෙමාපියන්ට එතරම් කරදර ඇති කරලේ නැහැ. ශ්‍රේෂ්ඨ විද්වතුන් නොවුනත් දූන් හතර දෙනා සාමාන්‍ය උගත් කමකින් යුත් රැකියාවල යෙදුනා. ලොකු දුව දන්ත චිකිත්සකවරියක්. දෙවන දුව උපාධිධාරී ගුරුවරියක්. දුන් වැන්නිය කාර්යාලයක පරිඝනක ක්‍රියාකරයි. බාලම දුව ඉංග්‍රීසි ගුරුවරියක්. පුතාට පියා සතු ගේදොර හා වතුපිටි හිමිකරදීම නිසා රැකියාවක යෙදීමේ උවමනාවක් හෝ අවස්ථාවක් නොවීය.  විශ්‍රාම යාමෙන් පසුව දරුවන් වෙනුවෙන් තිබූ වගකීම් වලින් අඩක් පමණ ඉටුකර ඇති බැවින් සෑම දරුවකුගේම ගෙදර ටික ටික කල් ගෙවීමට පුරුදු විය. දරුවන්ට කරදරයක් නොවී හැකි පමණින් උපකාර වීම මට මහත් සතුටක් හා සැනසුමක්ද විය. එහෙත් වැඩි කාලයක් ගත කිරීමට සිදුවන්නේ කොළඹ ලොකු දුවගේ නිවසේය. ඊට හේතුව එයාලත් සමග මා පැමිණියත් නැවත කැඳවා ගෙනයාමට දරුවකු නොඑන නිසාය. තනිව ආපසු යාමට නොහැක.  එහි සිටින කාල සීමාව තුල අම්ම කෙනෙක් දරුවකුගේ දුක සැප සොයාබලන ආකාරයෙන් දුවත් බෑණත් මාගැන සොයනවා බලනවා. අවශ්‍ය දේ සපයා දෙනවා. අවුරුදු විසි පහක තරම් කාලයක සිට මා ශ්‍රවනාධාරයක් පාවිච්චි කරනවා. ඒ සඳහා මූලික මුදලේ සිට අලුත්...